අප්පමාදේන සම්පාදේථ
සමස්ත
ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය
380, බෞද්ධාලෝක මාවත,
කොළඹ
07.
හැඳින්වීම
සමස්ත ලංකා
බෞද්ධ ශිෂ්‍ය සම්මේලනය (ACBSF) යනු බෞද්ධ ශිෂ්‍යයන්ගේ අධ්‍යාත්මික, සමාජීය සහ සංස්කෘතික දියුණුව සඳහා කැප වූ
ශ්‍රී ලංකාවේ ප්රමුඛ ශිෂ්‍ය නායකත්වයෙන් යුත් සංවිධානයකි.
ශ්‍රී ලංකා
ඉතිහාසයේ ඉතා වැදගත් වසරක් වන 1956 දී මෙම සම්මේලනය පිහිටුවන ලදී. එය ආරම්භ කරන ලද්දේ 1948 දී බ්‍රිතාන්‍ය
පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු රට තුළ දැඩි ආගමික, සංස්කෘතික සහ ජාතික පුනර්ජීවනයක් ඇති වූ
කාල පරිච්ඡේදයක් වන ගෝලීය 2500 වන බුද්ධ ජයන්ති සැමරුමට (බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 2,500 ක්
සනිටුහන් කිරීම) සමගාමීවය.
දිවයින පුරා විවිධ පාසල් සහ උසස් අධ්‍යාපන මට්ටමේ බෞද්ධ ශිෂ්‍ය සමිති ඒකාබද්ධව සංවිධානයක් ලෙස ඒකාබද්ධ කිරීම සඳහා මෙම සම්මේලනය පිහිටුවන ලදී.
එහි වර්ධනය
විධිමත් කිරීම සහ එහි බලපෑම හඳුනා ගැනීම සඳහා, රජය මෙම සංවිධානයට ව්‍යවස්ථාපිත තත්ත්වය
ලබා දීමට පියවර ගත්තේය:
මෙම
සංවිධානය 1975 අංක 44 දරන සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ සංස්ථාපිත කිරීමේ පනත හරහා පාර්ලිමේන්තුව
විසින් විධිමත් ලෙස නීත්‍යානුකූලව සංස්ථාගත කරන ලදී. මෙය කෘත්‍යාධිකාරී මණ්ඩලයක්
(ශිෂ්‍ය), භාරකාර මණ්ඩලයක් සහ පාලක මණ්ඩලයක් (අධ්‍යාපන ලේකම් හා සංස්කෘතික අධ්යක්ෂවරුන්
ඇතුළත්) සහිත සම්පූර්ණ ආයතනික ආකාරයේ ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලදී.
දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන සිසු සමුළුව, ප්‍රධාන වශයෙන් පිළිගැනීමට ලක්ව ඇත්තේ අධ්‍යයන න්‍යායට වඩා ප්‍රායෝගික ප්‍රජා බලපෑම හරහා ශිෂ්‍යයන් සම්බන්ධ කර ගැනීම සඳහා ය. එය එහි ප්‍රසිද්ධ වාර්ෂික කොඩි දින වැනි මහජන අරමුදල් රැස් කිරීම හරහා එහි මෙහෙයුම් සඳහා ප්‍රධාන ලෙස මුදල් සපයයි. එහි අඛණ්ඩ ක්‍රියාකාරකම් අතරට
අධ්‍යාපනික
අනුග්‍රාහකත්වයන්: විශේෂයෙන් ආර්ථික වශයෙන් අභියෝගාත්මක ග්‍රාමීය ප්‍රදේශවල අඩු
වරප්‍රසාද ලත් සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීම, අධ්‍යාපන සම්මන්ත්රණ සහ වැඩමුළු
ශිෂ්‍ය
තරඟ: අන්තර් පාසල් දහම් දැනුම, විවාද, කථික තරඟ, සාහිත්‍ය උත්සව සහ කලා තරඟ සංවිධානය
කිරීම.
සමාජ සේවා:
ප්රමුඛ ප්‍රජා සෞඛ්‍ය සේවා මුලපිරීම්, ස්වේච්ඡා රෝහල් වැඩසටහන් සහ හදිසි ආපදා
සහන මෙහෙයුම් ඇතුළු කාලීනව ඉස්මතුවන තත්ත්ව සඳහා වන වැඩසටහන් අතුළත්ය.
සම්මේලනය එහි 70 වන සංවත්සරය සනිටුහන් කළේ ශ්‍රී ලංකාවේ පැරණිතම සහ වඩාත්ම කල් පවතින ආයතනික ශිෂ්‍ය එකතුවක් ලෙස එහි උරුමය තහවුරු කරමිනි.
1 ඉතිහාසය
1:1 මූලය
ශ්‍රී
සම්බුද්ධ වර්ෂ 2500 බුද්ධ ජයන්ති සැමරුම් මෙහොත හා සමගාමීව ශ්‍රී ලංකාවේ
බෞද්ධ
කටයුතු
පිළිබඳව සොයා බැලීමට රජය විසින් පත් කල ආචාර්ය ආනන්ද ගුරුගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතු බුද්ධ ජයන්ති කමිටුව බෞද්ධ ශිෂ්‍ය
සංවිධානයක අවශ්‍යතාව සාකච්ඡා කරන ලදුව, පසුව ආරම්භයක් ලෙස නියාමක ශිෂ්‍ය කමිටුවක් පත් කරන ලදි.
1:2 ආරම්භය
ප්‍රථම
මහා සභාව 1956 ජුලි 19 දින කොළඹ රාජකීය විද්‍යාලයීය ශාලාවේදී
පවත්වා සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය
සමිති සම්මේලනය ආරම්භ කරන ලදි.
මුලසුන
අති පූජ්‍ය කළුකොඳයාවේ පඤ්ඤාසේකර නාහිමිපාණෝ.
සහභාගී වූ බොදු සිසු සමිති 13 කි.
නීති විද්‍යාලය, ශ්‍රී ලංකා විශ්ව විද්‍යලය (කොළඹ, පේරාදෙනිය, වෛද්‍ය), ලංකා කාර්මික විද්‍යාලය, ගුරු
අභ්‍යාස විද්‍යාලය, රාජකීය, ආනන්ද, නාලන්දා, අනුලා, විශාඛා, පන්සල
පාර බාලිකා (වර්තමාන ගෝතමි බාලිකා), තර්ස්ටන්, කාසල්
(වර්තමාන දේවී බාලිකා) හැව්ලොක් ටවුන් (වර්තමානය ලුම්බිනි
විද්‍යාලය) යන විද්‍යාල
විශේෂ
ආරාධිතයින්
පූජ්‍ය
හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි.
පූජ්‍ය
නාරද ස්වාමීන් වහන්සේ.
එවකට
සංස්කෘතික අමාත්‍ය ගරු ජයවීර කුරුප්පු
මහතා.
සංස්කෘතික
අධ්යක්ෂ එන්. කිව්. දියෙස් මහතා.
නීති විද්‍යාලයීය බෞද්ධ
සංගමයේ ප්‍රධාන සභාපති ගොඩ්වින් රත්නායක ප්‍රථම සභාපති ලෙස ද, ප්‍රධාන ලේකම් ලෙස කේ. ධර්මදාස තෝරා පත්කර
ගැනුණි.
(අ) ප්‍රථමයෙන් සංස්කෘතික අමාත්‍යංශයේ අධ්‍යක්ෂතුමාගේ කාර්යාල කොටසක පවත්වාගෙන යන ලදි.
සමුළු
ස්වාධීනත්වය සඳහා ඉන් ඉවත්විය.
(ආ)
පසුව කොළඹ 07 ගිල්ෆ්‍රඩ් ක්‍රෙසන්ට් හි ස්නානි නිවසේ කටයුතු කරන ලදි.
(මෙහි
දි පහසුකම් වෙනුවෙන් රු 5000/= ක මුදලක් සංස්කෘතික දෙපාර්ථමේන්තුව ගෙවූ අතර, වාහන හා තැපැල් පහසුකම්ද සපයන ලදි.)
(ඇ)
පසුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ කාමරයක කාර්යාලීය කටයුතු පවත්වාගෙන යන ලදි.
(ඈ)
අනතුරුව බෞද්ධ මහා සම්මේලනයෙන් ලද අවසරය මත බෞද්ධ මහා සම්මේලන ශාලාවට පසෙකින් වූ වෙනම කුටියක කාර්යාලීය කටයුතු පවත්වා ගෙන
යන ලදී.
(ඉ)
2001 වසරේ මැද භාගයේ පටන් බෞද්ධ මහා සම්මේලනයේ උඩු මහලේ කාමරයක්
කාර්යාලීය කටයුතු සඳහා යොදා ගන්නා ලදී.
(ඊ)
2023 සිට බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ශාලාවට පසෙකින් කාමර දෙකක් සහ කමිටු
කාමරයකින් සමන්විත කාර්හාලීය පරිශ්රයක මූලස්ථානය පවත්වාගෙන යනු ලැබේ.
2 පරමාර්ථ
(i) බෞද්ධ ශිෂ්‍යයන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය හා අවබෝධය වර්ධනය කිරීම.
(ii) බෞද්ධ ධර්මය හැදෑරිමත් ධර්මානුකූල ප්‍රතිපත්ති වර්ධනය
කිරීම හා බෞද්ධ ධර්මය ප්‍රචාරය කිරීමට ඉඩ ප්රස්ථා වැඩි
දියුණු කිරීම.
(iii) ආගමික හා සමාජ සේවා ක්ෂේත්රයෙන් රටට වැඩදායී සේවාවක්
ඉටු කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුහුණු කිරීම.
(iv) සදාචාර සම්පන්න යහපත් සිතුවිලි වලින් යුත් සමාජ සුභ
සිද්ධියක් ඇති කිරීම.
(v) බෞද්ධ ආගමේ උන්නතිය හා අභිවෘද්ධිය වෙනුවන් කටයුතු කිරීම.
(vi) බොදු
සිසුන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබා ගැනීමට සාමුහිකව කටයුතු කිරීම.
(vii) බොදු සිසුන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබා ගැනීමට
සාමූහිකව් කටයුතු කිරීම හා ජාත්‍යන්තර බෞද්ධ ශිෂ්‍ය
සංවිධානයක් පිහිටුවා ඒ මගින් ජාතීන් අතර. වඩාත් යහපත් ආගමික අවබෝධයක් ඇති කිරීම.
3 විකාශනය
1957 අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ ඒ/ ආර්/ සී. එෆ් 96 දරණ චක්‍ර ලේඛනය (1957 ජනවාරි 02 දිනැති) අනුව ලංකාවේ සියලු පාසල් තුළ බෞද්ධ සංගම් පිහිටුවා ඒවා සම්මේලනයට අනුයුක්ත කරන ලදි.
1960 ප්‍රථම ශාඛාව බස්නාහිර
පලාතේ හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ ද, ප්‍රථම දිස්ත්‍රික් ශාඛාව ගාල්ල විජයානන්ද
පිරිවෙනෙහි ආරම්භ විය. අනතුරුව පානදුර සුමංගල බාලිකාවේ. කෑගල්ල, ඇහැලියගොඩ, මතුගම, මහනුවර, මොනරාගල.
කුරුණෑගල ශාඛා සමිති පිහිටුවනු ලැබීය.
1975
බොදු සිසු සමුළුවේ හිටපු පුරෝගාමී නායකයෙකු හා එවකට රජයේ මන්ත්‍රීවරයෙකු වූ
ගරු
ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමා විසින් ඉදිරිපත් කළ 1975 අංක
44 දරණ පාර්ලිමේන්තු
පනතින්
සංස්ථාපිත ආයතනයක් බවට පත් විය.
1977
අංක 242 දරණ ගැසට් නිවේදනය මගින් ආදායම් බද්දෙන් නිදහස් පුණ්‍යායතනයක්
බවට
පත්
විය.
1983
බොදු සිසු සමුළුවේ ප්‍රාදේශීය ශාඛා ලෙසින් රෝහල් හා ප්‍රජා සුව සේවා ඒකක නිළ
වශයෙන්
ආරම්භ කරන ලදි. (මීට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් 1988.07.22
දින
එම්/කිව්
50/82 චක්‍ර ලේඛනය නිකුත් කරන ලදි.) කොළඹ රිජ්වේ ආර්යා
ළමා
රෝහල, කොළඹ නයනාරෝග්‍ය ශාලාව, මුල්ලේරියාව මානසික රෝහල, දකුණු
කොළඹ
මහ රෝහල (කළුබෝවිල ) පිළිකා රෝහල - මහරගම, උතුරු කොළඹ මහ රෝහල (රාගම), රාජගිරිය
ආයුර්වේද මහ රෝහල
1993 අංක 01 දරණ රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ
පලි.ප. අංක 0114 යටතේ බොදු සිසු සමුළුව ලියාපදිංචි කරන ලදි.
4 වැදගත් අවස්ථා
(අ) 1957 දී ඉතිහාසයේ විශේෂ සිදුවීමක් ලෙස ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු ජවහල්ලාල් නේරු මහතා බොදු සිසු සමුළුව විසින් කොළඹ විශ්ව විද්‍යාල පිටියේ සංවිධානය කළ රැලියට සම්බන්ධ විය. (මෙය එකල පැවති
විශාලතම
ශිෂ්‍ය රැළිය විය.)
(ආ
) 1981 වර්ෂයේ දී සමුළුව සිය රජත ජයන්තිය සමරනු ලැබූ අතර සමරු
මුද්දරයක් හා මුල් දින කවරයක් තැපැල්
දෙපාර්ථමේන්තුව
මගින් නිකුත් කරන ලදි. එම වසරේ පවත්වනු ලැබූ රජත ජයන්ති බොදු සිසු දිනය (ජූලි 19)
සමරු
උත්සවයට ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ගරු ජේ.ආර්. ජයවර්ධන මහතා සහභාගි
විය.
(ඇ)
1990 වර්ෂයේ දී ජනාධිපතිතුමා යටතේ පත් කළ බුද්ධ ශාසන අමාත්‍ය
උත්තරීතර මණ්ඩලයේ ගිහි ශිෂ්‍ය අනුශාසක තනතුර සඳහා ලාංකික බොදු සිසු පරපුරේ එකම
නායකයා වන බොදු සිසු සමුළුවේ ගරු ප්‍රධාන සභාපති නිළ බලයෙන් පත් කරනු ලැබීම.
(ඈ)
1996 වර්ෂයේ දී 40 වන සංවත්සරය සමරමින්
දිවයිනේ නන් දෙසින් පැමිණි බෞද්ධ ශිෂ්‍ය නායක නායිකාවන් දස දහසකගේ (10,000) සහභාගිත්වයෙන්
ජූලි 19 දින සමරු පා ගමනක් හා රැලියක් පවත්වන ලදී.
(ඉ)
2002 - සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙහි නියෝජිතයන් වශයෙන් බොදු
සිසු සමුළුවේ ප්‍රධාන සභාපති
හා
ප්‍රධාන ලේකම් නිළ බලයෙන් පත් විය.
(ඊ)
සමුළුව සිය 50 වියට පා තැබූ 2006 ජූලි
19 වන දින අතිපුජනීය මහ සඟරුවනගේත්, බොදු සිසු සමුළුවේ ගරු ප්‍රධාන
සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ නන්දෙසින් පැමිණි බෞද්ධ නායක කාරකාදීන්ගේත්
සමුළුවේ පාලක, භාරකාර මණ්ඩල සහ යාවජීව සාමාජිකයින්ගේත් බොදු සිසු ප්‍රජාවගේ සහභාගීත්වයෙන්
බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදි උත්සවාකාරයෙන් පැවැත්විනි.
මෙහි මුලසුන ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරිතර මහානායක ධුරංදර අතිපූජ්‍ය
දවුල්දන ඥාණිස්සර මහනායක ස්වාමීන් වහන්සේ විසින් හොබවන ලද අතර ප්‍රධාන ආරාධිතයා
ලෙස ජනාධිපති ගරු මයින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ගරු සුසිල්
ප්‍රේම්ජයන්ත් මහතා සහභාගී විය.
(උ)
1958 සමුළු ප්රකාශනය ලෙස ධම්ම ජයන්ති
පුවත්පත ප්රකාශනය ආරම්භ විය.
1959
එවකට විද්‍යාව සිංහලෙන් ඉගෙන්වීමේ කතිකාව පදනම් කර ගනිමින් 1959 දී විදු අරුණ
දිවයිනේ ප්‍රථම සිංහල විද්‍යා සඟරාව මුද්‍රණය කිරීම සිසු සමුළුව විසින් ආරම්භ කරන
ලදී.
1970
– 90 දසකවල සෑම පෝය දිනකම මෙත් මල් පිබිදේවා නමින් පැය භාගයක ගුවන්විදිලි වැඩසටහනක්
දහවල් ප්රවෘත්ති විකාශනයට පෙරාතුව ශ්‍රී ලංකා ගුවන්විදිලි සංස්ථාව මගින් විකාශනය කරන ලදී.
5 සමුළු ව්‍යාපෘති
ආර්ථික
අපහසුතාවන් හේතුවෙන් අ.පො.ස. (සා/පෙළ) දී පාසල් හැර යන්නන්ට විශ්ව විද්‍යාල
අත්වැලක් සපයන සරසවි පිවිසුම් පෙළ ශිෂ්‍යත්ව ප්රදානය.
පාසල්,
දහම් හා උසස් අධ්‍යාපන ආයතන අතර එතල් ප්‍රනාන්දු, නන්දා සේනානායක, එමමින්
කුලසේකර,
දොස්තර
ජේ. එෆ්. ජයසූරිය, දොස්තර කීර්ති රාජපක්ෂ අනුස්මරණ ශූරතාවන් සඳහා විවාද, සාමාන්‍ය
දැනීම තරඟ. අන්තර් පාඨශාලීය කථික, ධර්ම විඤ්ඤාණ, පද්‍ය ගායනා, නැටුම් සහ
නාට්‍ය තරඟ.
සෑම
වසරකම ජුලි 19 දින බෞද්ධ ශිෂ්‍ය දිනය සැමරීම.
බොදු
හැඟුම් චිත්‍ර හා ඡායාරූප තරග/ ප්‍රදර්ශන සහ කලා උලෙළ.
අධ්‍යාපනික
සම්මන්ත්රණ, නායකත්ව පුහුණු කඳවුරු, ප්‍රථමාධාර හා සෞඛ්‍ය
කඳවුරු පැවැත්වීම.
ශීල
ව්‍යාපාර, පිරිත් පිංකම්, ශ්‍රමදාන හා බෝධි පූජා
සංවිධානය.
පාසල්
හා දහම් පාසල්හි බෞද්ධ සංගම් පිහිටුවා ඒවා ඒකාබද්ධ කොට මාණ්ඩලික හා දිස්ත්‍රික්
ශාඛා පිහිටු වීම,
හා පවත්වා ගෙන යාම. ප්‍රතිසංවිධානය.
පාසල්
සිසුන්ට පුස්තකාල, ක්‍රීඩා පහසුකම් හා ශිෂ්‍ය සුභසාධනය.
බුදු
දහමේ ප්රගමනයට සේවයක් කළා වූ ශ්‍රී ලාංකිකයන් අගයමින් සහ ශිෂ්‍ය මට්ටමේ ආධුනික
කලා ශිල්පීන්ගේ කැපවීම හා කුසලතාවය ඇගයීම පිණිස බොදු සිසු ප්‍රසාද ප්රණාම සම්මාණ
ප්රදානය.
දිවයින
පුරා රෝහල් රාශියක රෝහල් හා ප්‍රජා සුවසේවා ඒකක පිහිටුවා එමගින් අසරණ රෝගීන්ගේ
කායික හා
මානසික
සුවය උදෙසා කටයුතු කිරීම.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.