අප්පමාදේන
සම්පාදේථ
සමස්ත
ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය
380, බෞද්ධාලෝක මාවත,
කොළඹ
07.
1 ඉතිහාසය
1:1 මූලය
ශ්‍රී
සම්බුද්ධ වර්ෂ 2500 බුද්ධ ජයන්ති සැමරුම් මෙහොත හා සමගාමීව ශ්‍රී ලංකාවේ
බෞද්ධ
කටයුතු
පිළිබඳව සොයා බැලීමට රජය විසින් පත් කල ආචාර්ය ආනන්ද ගුරුගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
යුතු
බුද්ධ ජයන්ති කමිටුව බෞද්ධ ශිෂ්‍ය සංවිධානයක අවශ්‍යතාව සාකච්ඡා කරන ලදුව, පසුව
ආරම්භයක් ලෙස
නියාමක
ශිෂ්‍ය කමිටුවක් පත් කරන ලදි.
1:2 ආරම්භය
ප්‍රථම
මහා සභාව 1956 ජුලි 19 දින කොළඹ රාජකීය විද්‍යාලයීය ශාලාවේදී
පවත්වා සමස්ත ලංකා බෞද්ධ
ශිෂ්‍ය
සමිති සම්මේලනය ආරම්භ කරන ලදි.
මුලසුන
අති පූජ්‍ය කළුකොඳයාවේ පඤ්ඤාසේකර නාහිමිපාණෝ.
සහභාගී
වූ බොදු සිසු සමිති 13 කි.
නීති විද්‍යාලය, ශ්‍රී ලංකා විශ්ව විද්‍යලය (කොළඹ, පේරාදෙනිය, වෛද්‍ය), ලංකා කාර්මික විද්‍යාලය, ගුරු
අභ්‍යාස විද්‍යාලය, රාජකීය, ආනන්ද, නාලන්දා, අනුලා, විශාඛා, පන්සල
පාර බාලිකා (වර්තමාන ගෝතමි බාලිකා), තර්ස්ටන්, කාසල්
(වර්තමාන දේවී බාලිකා) හැව්ලොක් ටවුන් (වර්තමානය ලුම්බිනි
විද්‍යාලය) යන විද්‍යාල
විශේෂ
ආරාධිතයින්
පූජ්‍ය
හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි.
පූජ්‍ය
නාරද ස්වාමීන් වහන්සේ.
එවකට
සංස්කෘතික අමාත්‍ය ගරු ජයවීර කුරුප්පු
මහතා.
සංස්කෘතික
අධ්‍යක්ෂ එන්. කිව්. දියෙස් මහතා.
නීති විද්‍යාලයීය බෞද්ධ
සංගමයේ ප්‍රධාන සභාපති ගොඩ්වින් රත්නායක ප්‍රථම සභාපති ලෙස ද, ප්‍රධාන ලේකම් ලෙස කේ. ධර්මදාස තෝරා පත්කර
ගැනුණි.
(අ)
ප්‍රථමයෙන් සංස්කෘතික අමාත්‍යංශයේ අධ්‍යක්ෂතුමාගේ කාර්යාල කොටසක පවත්වාගෙන යන ලදි.
සමුළු
ස්වාධීනත්වය සඳහා ඉන් ඉවත්විය.
(ආ)
පසුව කොළඹ 07 ගිල්ෆ්‍රඩ් ක්‍රෙසන්ට් හි ස්නානි නිවසේ කටයුතු කරන ලදි.
(මෙහි
දි පහසුකම් වෙනුවෙන් රු 5000/= ක මුදලක් සංස්කෘතික දෙපාර්ථමේන්තුව ගෙවූ අතර, වාහන
හා
තැපැල් පහසුකම්ද සපයන ලදි.)
(ඇ)
පසුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ කාමරයක කාර්යාලීය කටයුතු පවත්වාගෙන යන ලදි.
(ඈ)
අනතුරුව බෞද්ධ මහා සම්මේලනයෙන් ලද අවසරය මත බෞද්ධ මහා සම්මේලන ශාලාවට පසෙකින්
වූ
වෙනම කුටියක කාර්යාලීය කටයුතු ඉඩ පහසුකම් සහිතව පවත්වා ගෙන යන ලදී.
(ඉ)
2001 වසරේ මැද භාගයේ පටන් බෞද්ධ මහා සම්මේලනයේ උඩු මහලේ කාමරයක්
කාර්යාලීය කටයුතු සඳහා යොදා ගන්නා ලදී..
(ඊ)
2023 සිට බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ශාලාවට පසෙකින් කාමර දෙකක් සහ කමිටු
කාමරයකින් සමන්විත කාර්හාලීය පරිශ්‍රයක මූලස්ථානය පවත්වාගෙන යනු ලැබේ.
2 පරමාර්ථ
(i) බෞද්ධ ශිෂ්‍යයන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය හා අවබෝධය
වර්ධනය කිරීම.
(ii) බෞද්ධ ධර්මය හැදෑරිමත් ධර්මානුකූල ප්‍රතිපත්ති වර්ධනය
කිරීම හා බෞද්ධ ධර්මය ප්‍රචාරය කිරීමට ඉඩ ප්‍රස්ථා
වැඩි
දියුණු කිරීම.
(iii) ආගමික හා සමාජ සේවා ක්ෂේත්‍රයෙන් රටට වැඩදායී සේවාවක්
ඉටු කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුහුණු කිරීම.
(iv) සදාචාර සම්පන්න යහපත් සිතුවිලි වලින් යුත් සමාජ සුභ
සිද්ධියක් ඇති කිරීම.
(v) බෞද්ධ ආගමේ උන්නතිය හා අභිවෘද්ධිය වෙනුවන් කටයුතු කිරීම.
(vi) බොදු
සිසුන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබා ගැනීමට සාමුහිකව කටයුතු කිරීම.
(vii) බොදු සිසුන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබා ගැනීමට
සාමූහිකව් කටයුතු කිරීම හා ජාත්‍යන්තර බෞද්ධ
ශිෂ්‍ය
සංවිධානයක් පිහිටුවා ඒ මගින් ජාතීන් අතර. වඩාත් යහපත් ආගමික අවබෝධයක් ඇති කිරීම.
3 විකාශනය
1957
අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ ඒ/ ආර්/ සී. එෆ් 96 දරණ චක්‍ර ලේඛනය (1957
ජනවාරි
02 දිනැති) අනුව ලංකාවේ සියලු පාසල් තුළ බෞද්ධ සංගම්
පිහිටුවා ඒවා සම්ම්මේලනයට
අනුයුක්ත
කරන ලදි.
1960 ප්‍රථම ශාඛාව බස්නාහිර
පලාතේ හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ ද, ප්‍රථම දිස්ත්‍රික් ශාඛාව ගාල්ල විජයානන්ද
පිරිවෙනෙහි ආරම්භ විය. අනතුරුව පානදුර සුමංග බාලිකාවේ. කෑගල්ල, ඇහැලියගොඩ, මතුගම, මහනුවර, මොනරාගල.
කුරුණෑගල ශාඛා සමිති පිහිටුවනු ලැබීය.
1975
බොදු සිසු සමුළුවේ හිටපු පුරෝගාමී නායකයෙකු හා එවකට රජයේ මන්ත්‍රීවරයෙකු වූ
ගරු
ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමා විසින් ඉදිරිපත් කළ 1975 අංක
44 දරණ පාර්ලිමේන්තු
පනතින්
සංස්ථාපිත ආයතනයක් බවට පත් විය.
1977
අංක 242 දරණ ගැසට් නිවේදනය මගින් ආදායම් බද්දෙන් නිදහස් පුණ්‍යායතනයක්
බවට
පත්
විය.
1983
බොදු සිසු සමුළුවේ ප්‍රාදේශීය ශාඛා ලෙසින් රෝහල් හා ප්‍රජා සුව සේවා ඒකක නිළ
වශයෙන්
ආරම්භ කරන ලදි. (මීට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් 1988.07.22
දින
එම්/කිව්
50/82 චක්‍ර ලේඛනය නිකුත් කරන ලදි.) කොළඹ රිජ්වේ ආර්යා
ළමා
රෝහල, කොළඹ නයනාරෝග්‍ය ශාලාව, මුල්ලේරියාව මානසික රෝහල, දකුණු
කොළඹ
මහ රෝහල (කළුබෝවිල ) පිළිකා රෝහල - මහරගම, උතුරු කොළඹ මහ රෝහල (රාගම), රාජගිරිය
ආයුර්වේද මහ රෝහල
1993 අංක 01 දරණ රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ
පලි.ප. අංක 0114 යටතේ බොදු සිසු සමුළුව ලියාපදිංචි කරන ලදි.
4 වැදගත් අවස්ථා
(අ)
1957 දී ඉතිහාසයේ විශේෂ සිදුවීමක් ලෙස ලංකාවට පැමිණි ඉන්දීය
අග්‍රාමාත්‍ය ගරු ජවහල්ලාල් නේරු මහතා බොදු සිසු සමුළුව විසින් කොළඹ විශ්ව විද්‍යාල
පිටියේ සංවිධානය කළ රැලියට සම්භන්ධ විය. (මෙය එකල පැවති
විශාලතම
ශිෂ්‍ය රැළිය විය.)
(ආ
) 1981 වර්ෂයේ දී සමුළුව සිය රජත ජයන්තිය සමරනු ලැබූ අතර සමරු
මුද්දරයක් හා මුල් දින කවරයක් තැපැල්
දෙපාර්ථමේන්තුව
මගින් නිකුත් කරන ලදි. එම වසරේ පවත්වනු ලැබූ රජත ජයන්ති බොදු සිසු දිනය (ජූලි 19)
සමරු
උත්සවයට ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ගරු ජේ.ආර්. ජයවර්ධන මහතා සහභාගි
විය.
(ඇ)
1990 වර්ෂයේ දී ජනාධිපතිතුමා යටතේ පත් කළ බුද්ධ ශාසන අමාත්‍ය
උත්තරීතර මණ්ඩලයේ ගිහි ශිෂ්‍ය
අනුශාසක
තනතුර සඳහා ලාංකික බොදු සිසු පරපුරේ එකම නායකයා වන බොදු සිසු සමුළුවේ ගරු ප්‍රධාන
සභාපති
තුමා නිළ බලයෙන් පත් කරනු ලැබීම..
(ඈ)
1996 වර්ෂයේ දී 40 වන සංවත්සරය සමරමින්
දිවයිනේ නන් දෙසින් පැමිණි බෞද්ධ ශිෂ්‍ය නායක නායිකාවන් දස දහසකගේ (10,000) සහභාගිත්වයෙන්
ජූලි 19 දින සමරු පා ගමනක් හා රැලියක් පවත්වන ලදී.
(ඉ)
2002 - සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙහි නියෝජිතයන් වශයෙන් බොදු
සිසු සමුළුවේ ප්‍රධාන සභාපති
හා
ප්‍රධාන ලේකම් නිළ බලයෙන් පත් විය.
(ඊ)
සමුළුව සිය 50 වියට පා තැබූ 2006 ජූලි
19 වන දින අතිපුජනීය මහ සඟරුවනගේත බොදු සිසු සමුළුවේ ගරු
ප්‍රධාන
සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ නන්දෙසින් පැමිණි බෞද්ධ නායක කාරකාදීන්ගේත්
සමුළුවේ පාලක සභා සහ යාවජීව සාමාජිකයින්ගේත් බොදු සිසු ප්‍රජාවගේ සහභාගීත්වයෙන්
බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදි උත්සවාකාරයෙන් පැවැත්විනි.
මෙහි මුලසුන ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරිතර මහානායක ධුරංදර අතිපූජ්‍ය
දවුල්දන ඥාණිස්සර මහනායක ස්වාමීන් වහන්සේ විසින් හොබවන ලද අතර ප්‍රධාන ආරාධිතයා
ලෙස ජනාධිපති ගරු මයින්ද රාජපක්ෂ මහාතා නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ගරු සුසිල
ප්‍රේම්ජයන්ති මහතා සහභාගී විය.
(උ)
1958 සමුළු ප්‍රකාශනය ලෙස ධම්ම ජයන්ති
පුවත්පත ප්‍රකාශනය ආර්මභ විය.
1959
එවකට විද්‍යාව සිංහලෙන් ඉගෙන්වීමේ කතිකාව පදනම් කර ගනිමින් 1959 දී විදු අරුණ
දිවයිනේ ප්‍රථම සිංහල විද්‍ය සඟරාව මුද්‍රණය කිරීම සිසු සමුළුව විසින් ආරම්භ කරන
ලදී.
5 සමුළු ව්‍යාපෘති
ආර්ථික
අපහසුතාවන් හේතුවෙන් අ.පො.ස. (සා/පෙළ) දී පාසල් හැර යන්නන්ට විශ්ව විද්‍යාල
අත්වැලක් සපයන සරසවි පිවිසුම් පෙළ ශිෂ්‍යත්ව ප්‍රදානය.
පාසල්,
දහම් හා උසස් අධ්‍යාපන ආයතන අතර එතල් ප්‍රනාන්දු, නන්දා සේනානායක, එමමින්
කුලසේකර,
දොස්තර
ජේ. එෆ්. ජයසූරිය, දොස්තර කීර්ති රාජපක්ෂ අනුසුමරණ ශූරතාවන් සඳහා විවාද, සාමාන්‍ය
දැනීම තරඟ. අන්තර් පාඨශාලීය කථික, ධර්ම විඤ්ඤාණ, පද්‍ය ගායනා සහ නාට්‍ය
තරඟ.
සෑම
වසරකම ජුලි 19 දින බෞද්ධ ශිෂ්‍ය දිනය සැමරීම.
බොදු
හැඟුම් චිත්‍ර හා ඡායාරූප තරග/ ප්‍රදර්ශන සහ කලා උලෙළ.
අධ්‍යාපනික
සම්මන්ත්‍රණ, නායකත්ව පුහුණු කඳවුරු, ප්‍රථමාධාර හා සෞඛ්‍ය
කඳවුරු පැවැත්වීම.
ශීල
ව්‍යාපාර, පිරිත් පිංකම්, ශ්‍රමදාන හා බෝධි පූජා
සංවිධානය.
පාසල්
හා දහම් පාසල්හි බෞද්ධ සංගම් පිහිටුවා ඒවා ඒකාබද්ධ කොට මාණ්ඩලික හා දිස්ත්‍රික්
ශාඛා පිහිටු වීම,
හා පවත්වා ගෙන යාම. ප්‍රතිසංවිධානය.
පාසල්
සිසුන්ට පුස්තකාල, ක්‍රීඩා පහසුකම් හා ශිෂ්‍ය සුභසාධනය.
බුදු
දහමේ ප්‍රගමනයට සේවයක් කළා වූ ශ්‍රී ලාංකිකයන් අගයමින් සහ ශිෂ්‍ය මට්ටමේ ආධුනික
කලා ශිල්පීන්ගේ කැපවීම හා කුසලතාවය ඇගයීම පිණිස බොදු සිසු ප්‍රසාද ප්‍රණාම¨ සම්මාණ
ප්‍රදානය.
දිවයින
පුරා රෝහල් රාශියක රෝහල් හා ප්‍රජා සුවසේවා ඒකක පිහිටුවා එමගින් අසරණ රෝගීන්ගේ
කායික හා
මානසික
සුවය උදෙසා කටයුතු කිරීම.
ධම්ම
ජයන්ති ජාතික ශිෂ්‍ය පුවත්පත එළිදැක්වීම.
සමස්ත
ලංකා
බෞද්ධ
ශිෂ්‍ය සමිති සම්මේලනය
රෝහල්
හා ප්‍රජා සෞඛ්‍ය සේවය
1. ව්‍යාපෘති පරමාර්ථ:
(අ)
ආගමික හා සමාජ සේවා ක්ෂේත්‍රයෙන් රටට වැඩදායක සේවයක් සැලසීමට බෞද්ධ ශිෂ්‍යයන් හා
ශිෂ්‍යාවන් පුහුණු කිරීම.
(ආ)
බෞද්ධ ශිෂ්‍යයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය හා සහයෝගය වඩාලිම්
(ඇ)
බෞද්ධ ශිෂ්‍යයන්ගේ සදාචාර, සංස්කෘතික හා සමාජ සුභසිද්ධිය වඩාලීම
2. ව්‍යාපෘති අරමුණු:
(1) ශිෂ්‍ය පරපුර වෙත බුද්ධ දේශනාවේ ද දැක්වෙන පරිදි
ගිලානෝපස්ථානයේ වැදගත්කම් අවබෝධ කරවීම, ක්‍රමවත් සෞඛ්‍ය අධ්‍යාපනයක්
සහ ප්‍රායෝගික පුහුණුවක් මගින් ඔවුනට ඒ සඳහා නිපුණත්වයක් ලබාදීම
සහ
ඔවුනට ගිලානෝපස්ථානයට අවස්ථාවක් ලබාදීම.
(2) රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන ළමා හා තරුණ රෝගීන් ප්‍රමුඛ සියළු
රෝගීන්ගේ යහපත පිණිස.
( 3 ) එම රෝහල් කාර්ය මණ්ඩලය මගින් ඉටු කරනු ලබන සේවාවන් පහසු කිරීමටත්, ඒවා
වැඩි දියුණු කිරීමටත්, සුහදව ඔවුන් වෙත සහයවීමි. ඔවුන්ගේ බාහිර ක්‍රියාකාරකම්
සඳහා සහය වීම් සහ ඔවුන්ගේ විනෝදය පිණිස වැඩ සටහන් සංවිධානය කිරිම.
( 4 ) රෝහල තුල ආගමික වතාවත් සහ බෞද්ධ වැඩ සටහන් සංවිධානය කිරීම
තුළින් රෝගීනට අධ්‍යාත්මික සහනයක් ළඟා කර දීමි.
( 5 ) රෝගීන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සපයාදීම්, රෝගින්ගේ
මානසික සුවසෙත උදෙසා වන කටයුතු ඉටු කිරීම හා උපකාර රහිත රෝගීන් සඳහා හැකි සියළුම
උපකාරයන් සැලසීම.
(6) රෝහල හා ඒ අවට ජනතාව අතර සුහද සබැඳියාවක් ගොඩ නැගිමි.
( 7 ) රෝහල අවට ජනතාවට පවුල් සෞඛ්‍ය, ප්‍රාථමික
සෞඛ්‍ය සේවා සැපයීම්.
( 8 ) රෝහල අවට අධ්‍යාපන ආයතන මගින් නම් කරනු ලබන ශිෂ්‍ය
ශිෂයාවන් ආගමික භේදයෙන් තොරව රෝහල වෙත ඒකරාශි කොට ඔවුන්ගේ අතිරික්ත කාලය සැලසුම්
කොට යොමු කිරීම.
( 9 ) එම
ශිෂ්‍ය ශිෂ්‍යාවන් මගින් එම අධ්‍යාපන ආයතන වල හා ඒ ආයතනවල ස්වේච්ඡා සංවිධානයන්හි
පූර්ණ අනුග්‍රහය, සහයෝගය රෝහලට් ලබාදීම.
(10) එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පිරිස් මෙහෙය වීමේ හැකියාව හා
නායකත්ව කුසලතාවය වර්ධනය කිරීම.
3. ව්‍යාපෘති ක්‍රියාකාරකම්:
[1] වාට්ටු සේවය
(2) රෝහල් සේවය (අවම වශයෙන් සතියකට පැය 5 ක්
පමණ )
[3] සෞඛ්‍ය අධ්‍යයන පාඨමාලාව
[4] තරුණ නායකත්ව පාඨමාලාව
[5] ප්‍රජා සෞඛ්‍ය සේවය


