බොදු සිසු සමුළුව විසින් බෙදුම්වාදී ත්‍රස්තයින්ගේ ක්‍රියාකාරකම් නිසා අවතැන් වූවන් ට ආධාර බෙදූ හැටි
ආපසු ඒම හමුදාපති ට සිනහවක් පහළ කිරීමට හේතුවූ අතර, කුෂාන්ගේ මුහුණින් පළවූ සිතිවිලි හෝ උවමනාව ඔහු නිවරදිව වටහා ගත්තේ ය.
අවතැන් වූවන් ට අධාර එකතු කර තිබෙන බව ද, ඒවා රැගෙන යාමට හමුදාවේ සහය කුෂාන් විසින් ඉල්ලා සිටින ලදී. හමුදාපතිවරයා නොපැකිලව ම ඊට එකඟ විය.
බොහෝ ආධාර පාසල්වලින් එකතු කරගනු ලැබිණ. පූජිත මගෙන් පසුව පත් වූ සභාපතිවරයා වූවත්, එකම විශ්වවිද්‍යාලයේ එකම පීඨයේ සිටීම මත සමුළුවේ තොරතුරු ලැබිණ. එබැවින් මටද විවිධ අවස්ථාවන්හිදී සමුළුවේ කටයුතු සදහා සහභාගි වීමට ද, උදව් කිරීමට ද හැකි විය.
පහුවදා බඩු රැගෙන යන බැවින් මම ද පාන්දරින්ම එහි ගියේ බඩු පටවා දීමටය. හමුදාවෙන් ආරක්ෂිත භටයින් සමග එවා තිබූ ලොරි දෙකක බඩු පටවන ලදී. ගමන ඉලක්ක ගත වූයේ වව්නියා අවතැන් කදවුරු දෙසට බව යයි මතකය.
කීප වතාවක් ම පොලීසියේ මුරපළවලින් (එකළ රටේ තිබූ තත්ත්වය මත) නැවතූ නමුත්, හමුදාව හේතුවෙන් පරික්ෂා කිරීම් නොකෙරිණි. අප සිටියේ බඩු සමග ලොරියේ පිටුපස ය. එක් නිළධාරියෙකු එහි සිටි අතර, ඉදිරියේ තවත් නිළධාරියෙකු සිටින ලදී.
ශ්‍රීමා බෝධි ප්‍රහාරයෙන් අනතුරුව හවසින් පසු අනුරාධපුර ජනතාව නගරයේ දක්කට ලැබෙන්නේ අඩු වශයෙනි.
විශ්‍රාම ශාලාවට නුදුරින් වූ මල්වතු ඔයට ගිය අප හොදහැටි නා සකළ ශරීරයම නිදහසේ පිරිසිදු කරගන්නා ලදී. රාත්‍රියේ කිසිවෙකු නොවූවෙන් ඊට අපට බාදාවක් නොවීය.
කම්බි වැටකින් රිංගා යාමට හා ඒමට තිබුණ බැවින් නිදහස් අංගෝපාංග පටලවා ගන්නේ නැතිව කටයුතු කිරීම කෙරෙහි සැමගේ විශේෂ අවධානයක් යොමු විය.
පහුවදා උදයෙන්ම ලොරි දෙක විශ්‍රාම ශාලාව ට ගෙන එනු ලැබිණ.
උදේ ආහාරයෙන් පසු අවතැන් කදවුරු කරා යාම ආරම්භ කරන ලදී. තිබූ කදවුරු (පාසල්) සියල්ලම ආවණය කිරීමට අපට හැකි විය. සෑම කදවුරක්ම කළින් රාත්‍රීයේ ආපු පිරිසකගෙන් සමන්විත වූ නිසා එම ආධාර ඉතා උවමනාවෙන් යුතුව භාරගනු ලැබිණ. ගමේ ග්‍රාම නිළධාරී ද අවතැන් වූවෙකු බැවින් ඔහුගේ මූලිකත්වයෙන් ගබඩා කිරීමේ හා බෙදාහැරීමේ කමිටු කමිටුවක් පිහිටුවා ගෙන තිබුණි. ඇදුම් හා හාල් වැනි මිටි හා පෙට්ටි ද්‍රව්‍ය පසුව නිසි පරිදි බෙදාහැරීම සදහා ගබඩා කරන ලදී.
අපි අපහසුවෙන් යුතුව 50kg හාල් මිටි උස්සද්දී එම මිනිසුන් බොහෝ දහිරියක් කමින් යුතුව ඒවා අපට කිරීමට නොදී උසසාගෙන ගොස් ආහාර සංච්තවල ගබඩා කරනු ලැබීය.
ආපසු එන ගමනේදී මහ රෑ විය. ඒ අතර තුර පාන්දර 2-3 පමණ හමුදා නිළධාරීයෙකුගේ මහ ගෙදරකට ද යැවිණ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත් අපි ශරීරයේ එක් රැස්ව තිබූ ඉතිරි 'ද්‍රව්‍ය තොගද' මුදාහරින්නට කටයුතු කළෙමු. එහිදී තේ ද ලැබ්ණ.
ද්‍රව්‍ය එකතු කිරීමේදී විශාඛා විද්‍යාලයෙන්, අනුලා විද්‍යාලයෙන් හා කළුබෝවල රෝහල් සේවාවෙන් ලොකු පංගුකාරත්වයක් ලැබිණ. ඒ සදහා විශාඛා විද්‍යාලයේ දිනේෂා දයාරත්න හා සංජීවනී රූපසිංහ සොයුරියන්ගේ කැප වීම ද, අනුලා විද්‍යාලයේ ආදී සිසුවියක වන විනීතා රංවල සොයුරියගේ කැප වීම ද, කළුබෝවල රෝහල් සේවයේ ද්‍රව්‍ය එකතු කිරීමේදී අමුණුගම හා පත්මසිරි අතපත්තු සොයුරන්ගේ කැප වීම ද මෙහි දී සනිටුහන් කරන්නට කැමැත්තෙමි.